Press "Enter" to skip to content

අරගල නායක යූටියුබර්ලා දෙදෙනෙක් ජනපති හමුවී වැද සමාව ගනී…?

ගාලුමුවදොර අරගලයේ ඉදිරියෙන්ම සිටි යූටියුබ් ක‍්‍රියාකරුවන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා හමුවී සමාව ලබාගෙන ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඉන් එක් යූටියුබ් ක්‍රියාකරුවෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉහළම නිලධාරියෙකු හමුවී සමාව ගනිමින් සඳහන් කර ඇත්තේ තමන් කිසිම අවස්ථාවක නැවතත් ‘රනිල් රාජපක්ෂ’ ලෙස තම සමාජ ජාල ගිණුම් වල කිසිවක් පළ නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් ද වීඩියෝ දර්ශන පටිගත වී ඇති බව ද වාර්තාවල සඳහන්ය.

වීඩියෝ දර්ශන මෙතනින්

අනෙක් යූටියුබ් ක්‍රියා කරුවා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවි වැඳ සමාව ගෙන නැවතත් එවන් කිසිදු බරපතළ විවේචනයක් නොකරන බවට පොරොන්දු වී ඇති බවත් එම අවස්ථාවද වීඩියෝගත කර ගෙන ඇති බවත් සඳහන් වේ.

එම සිදුවීමෙන් පසු එකී යූටියුබ් අරගල කරුවන් දෙදෙනා කිසිම අවස්ථාවක සිය සමාජ ජාල ගිණුම්වල පෙර පැවති මට්ටමේ ආණ්ඩු විරෝධී සටහන් පළ නොකරමින් සිටින බවද වාර්තාවන්හි තව දුරටත් දැක්වෙයි.

C NEWS

More from GossipMore posts in Gossip »