ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට මුහුණුපොත ඔස්සේ දැනුවත් කර කළුතර වෙරළට ගෙන්වාගත් තරුණයකුට පහරදී යතුරුපැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
කළුතර උතුර සහ වස්කඩුව ප්රදේශයේ පදිංචි 27 සහ 28 වියැති පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් කාන්තාවන් ලෙස මුහුණුපොතේ පෙනී සිට ජංගම ශරීර සම්බාහන සේවය සපයන බවට පලකර නාගස්හන්දිය මුහුදු වෙරළට ගෙන්වා පහරදී යතුරුපැදිය, ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කීය.
සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන කොල්ලකෑ යතුරුපැදිය සහ ජංගම දුරකථනය ද සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුවන් කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
-aayubo






