Press "Enter" to skip to content

සීසර්ලා හමුදාවේ වාහන වලටත් වැඩේ දෙයි… හමුදා ලොක්කන්ගේ වාහනවලට මාස 6ක් ගෙවීම් කරලා නැහැ….

යුද හමුදාවට කුලී පදනම මත ලබාදුන් වාහන සඳහා මාස හයකට වැඩි කාලයක් කිසිදු ගෙවීමක් කර නොමැති නිසා වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

හමුදා කඳවුරුවලින් පිටතදී එම වාහන අත්පත් කරගන්නා ලෙස ලීසිං සමාගම් විසින් සීසර්වරුන්ට උපදෙස් දීම ඊට හේතුවයි.

අප්‍රේල් මාසයේ සිට මාණ්ඩලික නිලධාරීන්ට, අණදෙන නිලධාරීන්ට හා කඳවුරුවල රාජකාරි සඳහා ලබාගෙන ඇති වාහනවලට මෙලෙස මුදල් නොගෙවීම නිසා අදාළ ගැටලුව පැන නැගී ඇත.

‘‘අපි දැන් වාහනයේ අලුත්වැඩියාවක් ආවත් අයිතිකරුවන්ට හදන්න දෙන්න බයයි. එයාලා ගෙනිච්චොත් වාහනය ගෙනත් දෙන්නේ නෑ. මොකද එයාලට සල්ලි නොගෙවන නිසා. ඒ නිසා අපිම අවශ්‍ය අලුත්වැඩියා සිදු කරගන්නවා’’ යැයි හමුදාවේ ඉහළ නිලධාරීහු කිහිපදෙනක් ‘අරුණ’ට පැවසූහ.

-aruna

More from GossipMore posts in Gossip »