Press "Enter" to skip to content

රජයේ සේවකයින් ගැන රජයේ තීන්දුවක් ගනී! ස්ථාන මාරුත් සූදානම්

ප්‍රවාහන වියදම් ඉහළ ගොස් ඇති බැවින් රාජ්‍ය සේවකයන්ට නිවස ආසන්නයේ රාජකාරි කළ හැකි කාර්යාලයක් වෙන් කර දීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට නිවසට ආසන්න ප්‍රදේශවලට මාරුවීම් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට නියමිතයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම් මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ණය පොළී අනුපාත ඉහළ ගොස් තිබෙන බැවින් වාරික මුදල් ගෙවාගත නොහැකිවීමේ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමෙන් වැඩි මුදලක් වියදම් කර බස් රථවලින් රාජකාරියට ගොස් ජීවත්විය නොහැකි වීමේ ගැටලුවකට රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

මේ සම්බන්ධව මහ බැංකුව ඇතුළු රජයේ ආයතනවල අවධානය යොමුවිය යුතු බව පැවසූ හෙතෙම, රාජ්‍ය සේවකයන්ට නිවසකට ආසන්න කාර්යාලයක් ලබා දීම සඳහා නිශ්චිත කාලයක් තුළ වැඩපිළිවෙළක් සකස් කරන බව සඳහන් කළා.

මෙම වැඩසටහන සකස් කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සමරතුංග මහතා තමන් සමග පෞද්ගලිකව සාකච්ඡා කළ බව ද ඔහු කියා සිටියා.

More from GossipMore posts in Gossip »