Press "Enter" to skip to content

දරුවා පාසලට ඇරලවා එනවිට මවගේ ගෙල කපා මරාදාලා

සැමියා අල්ලන්න පොලිසියෙන් මෙහෙයුමක්

පොල්පිතිගම පොලිස් වසමේ ගල්ටැංවැව යාපහුව මාර්ගයේ තල්පත්වැව විද්‍යාලය ආසන්නයේදී තිස් දෙහැවිරිදි ජේ. ජාමිණී දිනුෂිකා මධුෂානි තෙන්නකෝන් නමැති කාන්තාවකගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

මියගිය කාන්තා ඊයේ (24 දා) උදෑසන පළමු පංතියේ ඉගෙනුම ලබන තම දරුවා තල්පත්වැව මහා විද්‍යාලයට රැගෙන ගොස් නැවත පාපැදියෙන් නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය සැමියා විසින් මෙලෙස අමානුෂික ලෙස මරා දමා තිබිණි. මහමගදී සැමියා සමග ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් කාන්තාවගේ මුහුණ, ගෙල හා හිස ප්‍රදේශයට තියුණු ආයුධයෙන් පහරදී තිබුණු බව පොලිසිය පවසයි. ඊයේ (24 දා) පෙ.ව 07.15 ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත. ඇයව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළත් අධික ලෙස ලේ වහනය වී ඇය මරණයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොල්පිතිගම ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ. බිරිඳට පහරදුන් සැමියා මහව පොලිස් වසමට අයිති අයකු බවද පරීක්‍ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් අරඹා තිබේ.

පොල්පිතිගම – වීරරත්න, කුමා රණසිංහ – ගල්ගමුව

දරුවා පාසලට ඇරලවා එනවිට මවගේ ගෙල කපා මරාදාලා
More from GossipMore posts in Gossip »