Press "Enter" to skip to content

දවස් දෙකක් සුන්බුන් අතර පණපිටින් වැලලුන 5 හැවිරිදි දරුවා බේරා ගැනේ… දරුවාගේ අම්මා මියගිහින්….

දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගත් සතුටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙනි.

පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර මෙම දරුවා සිරවී සිට ඇත. සුන්බුන් අතර සිරවීමෙන් එම දරුවාගේ මව මියගොස් ඇති අතර ඇයගේ සිරුර ආසන්නයේ නිරුපද්‍රිතව සිටි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වී තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් අතරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ එම දරුවා පමණක් බවය. සුන්බුන් අතර සිරව ආහාර හෝ ජලය නොමැතිව දින දෙකක කාලයක් රැඳී සිටි 5හැවිරිදි දරුවාට මේ වනවිට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටී.

එම අවස්ථාවේ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනි.

More from GossipMore posts in Gossip »