සිය බිරිය සංගීතයක් නැරඹීම සඳහා ගිය අතරතුර බිරියගේ මව දූෂණය කළ බෑනා කෙනෙක් ගැන පුවතක් සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්ථා වෙයි.
ඔහුව සපුගස්කන්ද පොලිසිය මඟින් පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
මාබිම පුදේශයේ කුලී නිවෙසක සැකකාර බෑනා සිය බිරිය සමඟ සිට ඇති අතර, ගල්නෑව ප්‍රදේශයේ පදිංචි වී සිටින බිරියගේ පියා හා මව ඊට පෙර දිනක මෙම නිවෙසට පැමිණ ඇති අතර, පසුව මව එහි සිටියදීම පියා නැවත ගමට ගොස් තිබේ.
පෙරේදා (20) රාත්‍රියේ නැන්දම්මා හා බෑනා නිවෙසේ සිටියදී බිරිය සංගීතයක් නැරඹීම සඳහා නිවෙසින් පිට වී ගොස් ඇත. පසුව නිවෙසේ සිටි බෑනා විසින් නැන්දම්මා දූෂණය කර තිබේ.
අතවරයට ලක් වූ 54 හැවිරිදි නැන්දම්මා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකාර බෑනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-dinamina






