Press "Enter" to skip to content

එයාගේ අතවරයට ලක්වෙන්න කළින් ඒ ළමයිව බේරගන්න…. ලක්ෂ 8 ඉදලා ලක්ෂ 18 වෙනකම් අපේ තරුණියෝ විකුණනවා… එයා ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක්… තානාපති කාර්යාලයේ සර් තමයි මේ වැඩේ කරන්නේ….

අපේ රටේ ජනතාව මේ වන විට කියා ගන්න බැරි තරම් ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා.

ඒ හැම ප්‍රශ්නයක්ම බලපාන්නේ අහිංසක අසරණ දුප්පත් මිනිසුන්ගේ ජීවිත වලටයි.

මේ ප්‍රශ්න නිසාම රටේ ඉන්න හුගදෙනෙක් දෙනෙක්ට අවධානම් තීරණ වලට යන්න වෙලා.

ඒ වැනි තීරණයක් තමයි මේ මැදපෙරදිග ගෘහ සේවයට යනවා කියන එක.

තමන්ගේ දරු පවුල් ජීවත් කරවන්න අරාබීන්ගේ මෙහෙකාර සේවයට යන්න වෙලා අපේ රටේ අම්මාවරුන්ට.

ඒ විදිහට ගෙවල් වල වැඩට යන අපේ රටේ අම්මාවරුන් තරුණියන් ලිංගික වහල් සේවයට විකුණන තිරිසන් වැඩ ගොඩකාලෙක ඉදලා සිද්ද වෙනවා.

මේ විදිහට විවිධ හිරිහැරයන්ට ලක්වුනු ලංකාවේ කාන්තාවන් 90දෙනෙකු ඔ්මාන තානාපති කාර්යාලය යටතේ ඇති සුරක්ෂා නිවස්නයේ රදවා තිබෙනවා.

මේ පිළිබදව ඊ‌යේ රාත්‍රීයේ නිව්ස් ෆස්ට් වාර්තා කර තිබුණා.

එම ප්‍රවෘත්ති වාර්තාවේදි කාන්තාවක් විසින් කළ හෙළිදරව්ව කළේ මේ විදිහටයි…

අපේ තානාපති කාර්යාල‌යේ ඉන්නවා සර් කෙනෙක්. එයා ලක්ෂ 17කට ලක්ෂ 15කට ලක්ෂ 8කට ළමයි අලෙවි කරනවා ඒක ඇතුළේ.

එයා ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක්.

හාල් කිලෝ 10ක් වගේ තමයි උයන්නේ. සම්බෝල තමයි වැඩිපුරම දෙන්නේ.

බඩගිනිවෙලා ළමයි හඩන ගොඩක් වේලාවල් තියෙනවා.

ඔමාන තානාපති කාර්යාලයේ ලොකු සර් කියන්නේ ළමයි විකුණගෙන ගණිකා ජාවාරම් කෙනෙක් කියලා මම තරයේම කියනවා.

අතවර වෙච්චි ළමයි ඉන්නවා. අපිට ඒ ළමයි ගැන තොරතුරු මාධ්‍යයට දෙන්න බෑ.එයාගේ අතවරයට ලක්වෙන්න කළින් ඒ ළමයිව බේරගන්න.

සමාජය වගේම අපේ රටේ බලධාරීන්ගේ ඇස් දෙක අරින්න නිව්ස් ෆස්ට් ගන්න උත්සාහයට අත්වැලක් විදිහට මේ අපේ උත්සාහයයි….

මෙතනින් බලන්න

උපුටා ගැනීම – සිරස ප්‍රවෘත්ති (නිව්ස් ෆස්ට්)

More from GossipMore posts in Gossip »