ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයක් සිදුව ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කරයි.
මේ හේතුවෙන් සුදු නිවේදනයක් නිකුත් කරන ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල හා ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසය.
මේ පිළිබඳව නිව්ස්ෆස්ට් අදාළ ආයතනවලින් විමසීම් කරමින් සිටින අතර ඉදිරි තොරතුරු ඔබවෙත කඩිනමින් වාර්තා කිරීමට අප සූදානම්.
-newsfirst






