අසභ්‍ය ඡායාරූපයකට උසස් පෙළ සිසුවියකගේ මුහුණ සහිත රුවක් බද්ධ කර ඇය බියගන්වා ලිංගික අල්ලස් ඉල්ලූ හමුදා සෙබළකු නුවරඑළිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සිසුවියක විසින් ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසු පොලිස් පරීක්ෂක අංජන පැතුම් කුමාර නුවරඑළිය නගරයේදීම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ කලිසම් සාක්කුවක තිබී ලිංගික උත්තේජන පෙති හා උපත් පාලන කොපුද හමුවී තිබේ.
වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මීට පෙරද මෙම සැකකරු තරුණියන් බියකර ලිංගික අල්ලස් ලබාගෙන ඇති බවකි.
-Aruna






