Press "Enter" to skip to content

නරුමයෙක් වයස 14ක දැරියක් කිහිපවරක්ම දූෂණය කරයි…. දැරිය පුතෙකු බිහිකරලා…

තම වැඩිමහල් සොහොයුරාගේ දියණිය බලහත්කාරයෙන් දූෂණය කොට ඇයව මවක් බවට පත් කළ, බාප්පා කෙනෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා විසින් බරපතල වැඩ සහිතව වසර 10 ක හිරදඩුවමක් 16 දා නියම කොට තිබෙනවා.

මීට අමතරව දූෂණයට ලක් වූ දැරියට මුදලින් රුපියල් ලක්ෂ හතරක වන්දියක්ද රජයේ ගාස්තු වශයෙන් රුපියල් 20000 ක මුදලක්ද ගෙවන ලෙස විනිසුරුවරයා නියම කළ අතර එම මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට නියම කළ සිර දඩුවම තවත් වසර 4 කින් දීර්ඝ වන බවද සදහන් කළා.

2014 වසරේ මැයි මස 20 වෙනිදා මෙම දැරියව අදාල සැකකරු විසින් දැරියගේ නිවසේදීම දූෂණයට ලක් කොට ඇති අතර ඒ වන විට ඇගේ වයස අවුරුදු 14ක්.

දැරියගේ මව විදේශ ගත වී සිටින අතරවාරයේ දැරියගේ බාප්පා විසින් ඇයව ඉන් පසුවද වාර කීපයක්ම දූෂණය කොට ඇති අතර ඒ හේතුවෙන් කුඩා දැරිය ගැබිණියක් බවට පත්ව තිබෙනවා.

දැරිය විසින් පිරිමි දරුවකු බිහි කිරීමෙන් පසුව අධිකරණ නියෝග මත දැරියගේත් බාප්පාගේත් බිළිදාගේත් රුධිර සාම්පල ඩී.එන්.ඒ පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව බිළිදාගේ පියා දැරියගේ බාප්පා බවට තහවුරු වීමෙන් පසුවයි අදාල හිර දඩුවම නියම කොට තිබෙන්නේ.

මෙම දැරිය වවුනියාව කිලවන්කුලම් ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර මෙම සිද්ධියෙන් පසුව ඇයට පාසල් අධ්‍යාපනය පවා ලැබීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »