Press "Enter" to skip to content

අපේ සුදු නංගිට සල්ලි දෙන්න නැත්නම් ඔය මුල් නැතිවෙයි… රන් පොල්ල තියෙන සාදු ආරූඪෙන් දොඩවයි…

අපේ සුදු නංගිට (තිලිණි ප්‍රියමාලිට) මුදල් දෙන්න. නැත්නම් ඔය මුල් නැතිවෙයි’’ යනුවෙන් පවසමින් බොරැල්ලේ සිරි සුමන හිමියන්, ව්‍යාපාරිකයන් රවටා තිබෙන බව අධිකරණයේදී ඊයේ (16 වැනිදා) අනාවරණය විය.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට සහ ව්‍යාපාරික ස්ථානවලට සැකකාර හිමියන් ගොස් ආරූඪ වෙමින් ‘‘සුදු නංගිට මුදල් දෙන්න’’ යනුවෙන් ප්‍රකාශ කර ඇතැයිද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.

‘‘තිලිණි ප්‍රියමාලිට මුදල් ලබා දෙන්න ව්‍යාපාරිකයන් පොලඹවන ලද ​බොරැල්ලේ සිරි සුමන හිමියන්, රන් කුට්ටියක් තම විහාරස්ථානයේ තිබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයන් රවටා තිබෙනවා. එම රන් කුට්ටිය මෙතෙක් සොයාගෙන නැහැ. සැකකාර හිමියන් ආරූඪ වෙමින් ව්‍යාපාරාකයන්ට පවසා ඇත්තේ ප්‍රියමාලිට මුදල් ලබා දෙනලෙසයි. එසේ නොවුණහොත් මුදල් නැති වෙන්න පුළුවන් කියාත් සැකකාර හිමියන් ආරූඪයෙන්ම ප්‍රකාශ කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වුණා’’ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය. මෙම සැකකාර හිමියන් තිලිණි ප්‍රියමාලිගේ ගනුදෙනුවලට අදාළ ඇමරිකන් ඩොලර් පවා ලබාගෙන තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සැකාකර හිමිනම ලබන 30 වන දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

-aruna

More from GossipMore posts in Gossip »