Press "Enter" to skip to content

තිබ්බෙ රිලව්ට…. වැදුණෙ දුවට… මෙන්න කෑගල්ලේ දැරියකට වෙච්ච දේ….

ගෙවත්තට ආ රිලව් රංචුවක් එළවීමට වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් ඔහුගේ 17 හැවිරිදි දියණියට වැදීමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පිංදෙනිය පොලිසිය කීය.

සිය නිවසේ ඇති දැඩි කරන බල්ලා සමග මිදුලේ සෙල්ලම් කරමින් සිට තිබේ.එම අවස්ථාවේ දී රිලවු රංචුවක් ගෙවත්තට පැමිණ ගස් ගෙඩි කා විනාශ කර දමමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

එම අවස්ථාවේ දී තරුණියගේ පියා නිවසේ සිට ඔහුට අයත් වායු රයිෆලයෙන් වෙඩි තැබීමට සූදානම් වෙද්දී දියණිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි බල්ලා රිලා රංචුව දෙසට දිව ගොස් ඇත.

ඒ අවස්ථාවේ දී රිලවුන් බල්ලා කා යැයි බියට පත් දියණිය බල්ලා අල්ලා ගැනීමට බල්ලා පිටු පසින් දිව යන අවස්ථාවේ රිලවුන්ට තැබූ වෙඩිල්ල දියණියට වැදී ඇතැයි පොලිසිය කියයි.

-mawrata

More from GossipMore posts in Gossip »