Press "Enter" to skip to content

අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම පැරයූ ශ්‍රී ලාංකික දියණිය

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියේ මාධ්‍යවල ඉහළින් අගය කර තිබේ.

ඇය, අරියානා ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියකි.

ඇය Mensa බුද්ධි පරීක්ෂණයෙන් ලකුණු 162ක් හිමි කරගෙන ඇත.

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ඇස්තමේන්තු කර ඇති හෙයින් ඇයගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මට්ටම ඉක්මවා යාමකි.

අරියානා දැරියගේ මව්පියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචි වී සිටිති.

අරියානා අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය.

ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම ය.

2012 වසරේදී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාගේ මව්පියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර 2009 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බව මව වන මේකලා පෙරේරා බීබීසී සිංහල සේවයට පවසා ඇත.

More from GossipMore posts in Gossip »