ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.
පොලිසිය සඳහන් කළේ, දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම ඊයේ (නොවැ. 15) දහවල් සිදු කර ඇති බව ය.
වැටලීමෙන් ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියෙකු සහ කළමනාකරණයට සහය වීම සම්බන්ධ තව ත් සැකකාරියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 22ත් 40ත් අතර වයස්වල පසුවන මීගහතැන්න, මැදිනිඔය, ගාල්ල, දිගන, හබරන්නාවල, රත්මලාන හා නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
සැකකාරියන් අද (නොවැ. 16) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
– Mawbima






