Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ ලොකුම මාසික කරන්ට් බිල රුපියල් ලක්ෂ 700යි…. වැඩිම බිල් එන කොම්පැණි ලිස්ට් එක එළියට…

ලංකාවේ ලොකුම විදුලි බිල වාර්තාවෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සහ කොළඹ වරායෙන් බව ලංකා විදුලිබල මණ්ඩල දත්තවලින් අනාවරණය වෙයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය නමින් ගිණුම් හතරක් යටතේ විදුලිය සපයන අතර සෑම මසකම රුපියල් මිලියන හැත්තෑවකට ආසන්න විදුලි බිලක් වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

දෙවැනියට වැඩිම විදුලිබිලක් වාර්තාවෙන්නේ කොළඹ නගරයේ පිහිටි තරුපහේ සුඛෝපභෝගී හෝටලයකිනි. සාමාන්‍යයෙන් එම බිල මසකට රුපියල් මිලියන තිහකට ආසන්න බවද මණ්ඩලය පවසයි.

කොළඹ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය මෙම ලයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇති අතර සෑම මසකම එම ස්ථානයට රුපියල් මිලියන 15 ක විදුලි බිලක් ලැබේ.

More from GossipMore posts in Gossip »