Press "Enter" to skip to content

ලංකාවේ කවුරුත් දන්න කෝටිපති ව්‍යාපාරිකයෙකු අල්කයිඩා එක්ක ගණුදෙනු කරලා… ව්‍යාපාරිකයාට ඇමෙරිකාවෙන් තහනමක්….

අමෙරිකාව විසින් මෙරට ව්‍යාපාරිකයෙකුට සම්බාධක පැනවීමට පියවර ගෙන තිබෙනවා.

එලෙස සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නම් අයෙකුටයි.

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් අල්-කයිඩා සංවිධානයේ මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ සහ බාහිර මෙහෙයුම් සැලසුම්කරුවෙකු වන අහමඩ් ලුක්මාන් තලිබ් සහ තුර්කි ව්‍යාපාරිකයෙකු වන මුසාබ් ටුකර්මන් නම් ව්‍යාපාරිකයින් සමග සම්බ්න්ධත් පැවැත්වීම හේතුවෙන් මෙම සම්බාධක පැනවීමට හේතුව වී ඇත.

2018 මැද භාගය වන විට, ශ්‍රී ලංකාව පදනම් කරගත් ව්‍යාපාරයක තලිබ් සහ නිසාර් එකම ව්‍යාපාරයේ හවුල් නියෝජිතයන් බවයි අමෙරිකානු භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපාරික ගනුදෙනු මගින් වසරකට ඩොලර් 200,000 කට ආසන්න ලාභයක් උපයා ඇති බවයි.

නිසර් විසින් තලිබ් සඳහා ද්‍රව්‍යමය වශයෙන් ආධාර කිරීම, අනුග්‍රහය දැක්වීම හෝ මූල්‍යමය, ද්‍රව්‍යමය හෝ තාක්‍ෂණික සහාය ලබා දීම සඳහා හෝ භාණ්ඩ හෝ සේවා සැපයීම සිදුකර ඇති බවයි අමෙරිකානු භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය සඳහන් කර සිටින්නේ.

-Mawrata

More from GossipMore posts in Gossip »