Press "Enter" to skip to content

රජයේ සේවකයන්ට ජැක්පොට් එකක්… කස්ටම් ද, ඉන්කම් ටැක්ස් ද, සුරාබදු ද ඔනේ

රේගුව,දේශීය ආදායම් සහ සුරාබදු යන දෙපාර්තමේන්තු තුළ පවතින පුරප්පාඩු 1538 ක් පිරවීම සඳහා දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රේගු දෙපාර්මේන්තුවේ දැනට පුරප්පාඩු 773 ක් පවතින අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 434 කි. සුරා බදු දෙපාර්තමේන්තුවේ ද පුරප්පාඩු 331ක්ද පවතී.

විශ්‍රාම යාමේ වයස 65 සිට 60 දක්වා අඩු කිරීමත් සමග ලබන දෙසැම්බර් මස 31 වැනිදා වන විට මෙම දෙපාර්තමේන්තු තුනේ පළපුරුදු තවත් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යාමට නියමිත ය.

මෙම දෙපාර්තමේන්තුවල සේවා ව්‍යාවස්ථා උල්ලංඝනය නොවන පරිදි කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව පවත්වන තරග විභාගයක් මගින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂිත බව ඇමැතිවරයා පැවසුවේය.

-aruna

More from GossipMore posts in Gossip »