Press "Enter" to skip to content

පළවැනි ෂොට් එක ඩීසල් වලට…. කට්ටිය ලෑස්තිවෙන්න මිල වෙනසට…

මේ මොහොතේ ලබා දෙන මිල ගණන් අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 12ක පාඩුවක් රජයට සිදු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ දී තෙල් මිල සූත්‍රය පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනු යි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් වෙනස් කිරීමට පොරොන්දු වූ නමුත් මෙවර මිල සූත්‍රයට අනුව වෙනසක් නො වන බවට ප්‍රකාශ කිරීමෙන් ජනතාවට අසාධාරණයක් සිදු වන බව හේෂා විතානගේ මෙහි දී අවධාරණය කළා.

එයට පිළිතුරු ලබා දෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මෙම අදහස ප්‍රකාශ කළා.

-hiru news

More from GossipMore posts in Gossip »