Press "Enter" to skip to content

චාමිකත් වලියක් දාගෙන…. තවත් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙක් මැදිහත් වෙයි….

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ක්‍රිඩකයින්ට වෙන් වෙන් වශයෙන් ප්‍රිය සම්භාෂණ සදහා ආරධනා 20කට ආසන්න ප්‍රමාණයක් ලැබි තිබෙනවා.

නමුත් ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයේ අවසරය හිමිව ඇත්තේ හයකට පමණයි.

එහිදි ඇතැම් ක්‍රිඩකයින් කණ්ඩායම් කළමනාකරු නොමඟ යවමින් සීමාව ඉක්මවා කටයුතු කර තිබෙනවා.

ඉන් එක් අවස්ථාවකදි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සිඩ්නි නුවර කැසිනෝ ශාලාවකදී ඇති කරගත් ගැටුමක් පිළිබදවද මේ වන විට සමාජයේ කථාබහට ලක්වනවා.

අදාල කැසිනෝ ශාලාවේ ගැටුමේදි එය සමථයකට පත්කිරීම සදහා මැදිහත් වී ඇත්තේ දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවයි මේ වන විට වාර්තා වන්නේ.

එමෙන්ම, බහුතරයක් කි්‍රීඩකයින් එවැනි සාද වලට ගොස් යලි තමන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට පැමිණ ඇත්තේ ද නියමිත කාලය ඉක්මවා යාමෙන් පසුවයි.

මේ අතර, ක්‍රිඩකයින්ගේ විනය විරෝධි හැසිරීම් සම්බන්ධයෙන් ධනිෂ්ක ගුණතිලකගේ සිද්ධියෙන් අනතුරුව පැමිණිලි රැසක් මේ වන විටත් අමාත්‍යාංශයට ලැබි ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

එහිදි ඔහු කියා සිටියේ ධනිෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩිනමින් ඒ පිලිබද දැනුම් දෙන ලෙස මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් ආයතනයට දැනුම් දි ඇති බවයි.

-hiru news