Press "Enter" to skip to content

ධනුෂ්කගේ පියා ඇස් රතුවෙන කතාවක් කියයි… ධනුෂ්ක මාස දෙකකට බන්ධනාගාර ගත කරයි…

ස්ත‍්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි සිල්වර් වෝටර් බන්ධනාගාරයට ඇතුළු කර තිබේ.

ඒ අද දිනයේ ඔහු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා ලබා දුන් නියෝගය මතයි.

මෙම නඩුව යලි කැදවන්නේ 2023 වසරේ ජනවාරි 12 වැනිදායි.

මේ අතර ධනුෂ්කගේ පියා වූ රත්නසේන ධනුෂ්කව සිය පළමු තරග සංචාරය යැවූ හැටි මෙලෙස කියයි…

‘‘මම කරන්නේ බේකරි රස්සාව. ඒ දවස්වල එයා ඉස්කොලෙ යනකොට එයාට පළමුවැනි ටුවර් එක ආවා. යන්න තිබුණේ ඉන්දියාවට. ඒකට එයාට රුපියල් 30,000ක් හොයාගන්න වුණා. ඒ වගේ කාලෙක ඒක අපිට ලොකු මුදලක්. එදා මම ගේ උකස් කරලයි මුලින්ම එයාව රට යවන්න සල්ලි හොයලා දුන්නේ.

‘‘සමහරක් දවස්වල එයාගෙ මැච් බලන්න, එයාගේ ෆ්‍රැක්ටිස්වලට එහෙම මමයි, අම්මයි පානදුරේට ගිහින් එයාට කන්න බොන්න ටික අරන් දුන්නහම අපිට බස් එකේ එන්නවත් සල්ලි නැති වුණ වෙලාවල් තියෙනවා. ඒ දවස්වල අපි පානදුරේ ඉඳන් වාද්දුවට පයින් ඇවිත් තියෙනවා. මොන තරම් බැරි අමාරුකම් තිබුණත් ධනුෂ්කට සෙල්ලම් කරන්න ඕනෑ කරන හැම දෙයක්ම අපි දෙන්නා අරන් දුන්නා’’.