Press "Enter" to skip to content

සිඩ්නි අධිකරණය යළිත් ධනුෂ්කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි…. ධනුෂ්ක වසරකට හිරවෙයි…

සිඩ්නි අධිකරණය යළිත් ධනුෂ්කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි…. ධනුෂ්ක වසරකට හිරවෙයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවනවා.

ඔහු අද සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට ලිංගික අතවර චෝදනා 4ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින් ඇප ඉල්ලා අද (7) සිඩ්නි අධිකරණයට මාංචු දමා වීඩියෝ සබැඳියක් මගින් පෙනී සිටියේය.

තම අනන්‍යතාව තහවුරු කිරීමට පමණක් කතා කළ ගුණතිලක ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ තිරයක දර්ශනය විය.

අධිකරණය සදහන් කර ඇත්තේ “ධනුෂ්ක විදේශිකයෙකු වීම සහ ඔහු ලබා දුන් ලිපිනයේ සිටින බවට සහතික විය නොහැකි බව මත ඔහුට ඇප ප්‍රතික්ෂේප කරනවා” යනුවෙන්.

ඔහු නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයක රදවනු ලැබේ.

-newswire

********************************************


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති චෝදනාවන්ට වරදකරු වුවහොත් වසර 14 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට හැකි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවකට කැමැත්තකින් තොරව ලිංගිකව අතර සිදු කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් යටතේ ඔහුට චෝදනා ගොනු කර තිබේ.

සිඩ්නි පැරමාටා අධිකරණය ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර හෙට දිනයේ ඔහු යළිත් ඉහල අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

-Lankacnews

**************************************

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානි ආචාර්ය චානක සේනානායක මහතා පැවසුවේ නඩුව අවසන් වන තෙක් ධනුෂ්කර රටින් පිටවිය නොහැකි බවය.

නඩුවක් අවසන් වෙන්න මාස 9ක් අවුරුද්දක් විතර ගත වෙනවා.