ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ හෝටලයක රැඳී සිටියදී ඕස්ට්‍රේලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලකට ඇප ලබාදීම පැරමාටා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
තරුණියකට අතවර කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් එල්ල වීම මත මෙම ක්‍රීඩකයා අත්අඩංගුට ගෙන තිබේ.
20-20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක නොමැතිව ආපසු ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇත.
-lankacnews
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩිනි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සිඩ්නි පොලීසිය මගින් ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බව ජත්‍යන්තර ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවත් ධනුෂ්ක හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ක්‍රිකට් ආයතනය පවසයි.
අධිකරණ කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමීපව කටයුතු කරන බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර ධනුෂ්කට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන බවත් ක්‍රිකට් ආයතනය පවසයි.
එහිදී ධනුෂ්ක ගුණතිලක වැරදිකරුවෙක් බවට තහවුරු වුවහොත් ධනුෂ්කට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවැසීය.
-Ada