Press "Enter" to skip to content

අද මධ්‍යම රාත්‍රීයේ සිට 200කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම නව මිල ගණන් අද (06) රාත්‍රියේ සිට සිදුවනු ඇති.

කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-250ක් අතර මුදලකින් ඉහළ යනු ඇති.

ගෑස් මිල සංශෝධනයක් අද (06) සිදුවීමට නියමිත බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග ද පවතින බවයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවලින් ගෑස් හිඟයක් පිළිබඳ වාර්තා වන අතර, එම තත්වයට හේතු වී ඇත්තේ මිල අඩුවන බවට පළවන වාර්තා හේතුවෙන් තොග ඇණවුම් නොකිරීම බවයි සභාපතිවරයා කියා සිටියේ.

ලිට්රෝ 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මේ වනවිට පවතින්නේ රුපියල් 4,280 ක මිලකටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් පහේ සිලින්ඩරයක් රුපියල් 1,720කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 800කටයි.

More from GossipMore posts in Gossip »