Press "Enter" to skip to content

අතුරුදන් වූ බිරිද අනියම් සැමියා සමග හෝටල් කාමරයක ඇඳ උඩ

සොරණාතොට පදිංචි කාන්තාවකගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් ඇයගේ සැමියා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විමර්ශනය කළ බදුල්ල පොලිසිය අදාළ කාන්තාව මහියංගණයේ හෝටලයක සිටියදී සොයා ගෙන තිබිණි.

ඇය වෙනත් පුද්ගලයකු සමග එහි රැඳී සිටි බව පොලිසිය සඳහන් කරයි.

මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා තිබූ අතර මහියංගණය නගරයේ හෝටල් හා ලැගුම්හල් පරීක්ෂාවක යෙදී සිටියදී බදුල්ල පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක විසින් ඇය සොයා තිබිණි.

මෙම කාන්තාව අතුරුදන් බවට සැමියා විසින් ලබා දුන් ඡායාරූපයකට අනුව පොලිස් කාන්තාව විසින් ඇය හඳුනාගෙන ඇත්තේය.

සැකකාර කාන්තාව තිස්පස් හැවිරිදි සිව්දරු මවකි. මෙම කාන්තාව හා සැමියා අතර නිතර අඬදබර ඇති බවට ලැබුණු පැමිණිලි කීපයක් මීට පෙර විභාග කර සමථයකට පත්කර තිබූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළහ.

-aruna

More from GossipMore posts in Gossip »