Press "Enter" to skip to content

මෙරට රංගන ශිල්පිනියන්, නිවේදිකාවන් සහ නිරූපිකාවන්ගේ බැංකු ගිණුම් හදිසි පරීක්ෂාවකට

රුපියල් බිලියන ගණනක මහා පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමඟ ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනියන්, නිවේදිකාවන් සහ මෝස්තර නිරූපිකාවන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට කටයුතු කරමින් සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුතු සිදුකරමින් සිටින්නේ අධිකරනයෙන් ලද අවසරයක් මතයි.

මෙම කාන්තාව සමඟ සබඳතා පැවැත්වූ කලාකාරිනියන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇතැයි ලැබුණු තොරතුරු මත මෙසේ බැංකු ගිණුම් පරික්ෂා කරමින් සිටී.

ඉකුත් 29 වන දින පොලිසිය විසින් රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ගෙන් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඇයගේ බැංකු ගිණුම් වාර්තා ද ලබා ගැනීමට කටයුතු කර තිබේ.

-lankacnews

More from GossipMore posts in Gossip »