Press "Enter" to skip to content

රෝහල් සේවකයෙකුයි සේවිකාවකුයි අලි වලියක! අන්තිමේදී ලයිසෝල් ගහගෙන දෙන්නාගේම ඇඟෙන් 75%ක් විතර පිච්චිලා!

පොත්තපිටිය කොටලියගොඩ ග්‍රාමීය රෝහලේ කණිෂ්ඨ සේවකයකු සහ සේවිකාවක අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් රෝහල් පිරිසුදු කිරීමට ගන්නා අධි සාන්ද්‍රන දියර ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් එම දෙදෙනා බරපතළ පිලිස්සුම් තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.

එසේ තුවාල ලබා ඇත්තේ රෝහල් උපස්ථායක සේවයේ නියුතු 54 වැනි වියේ සේවකයකු සහ අනියම් කම්කරු සේවයේ නියුතු 48 හැවිරිදි කාන්තාවකි.

පොත්තපිටිය එකම ගමක ජීවත් වන බව කියන මෙම දෙදෙනා අතර රෝහල් කොරිඩෝවේදි කිසියම් බහින්බස්වීමක් සිදු ඇතැයි කියයි.

බහින්බස් වීම දුරදිග ගොස් අධි සාන්ද්‍රන ලයිසෝල් ප්‍රහාර දෙදෙනා විසින්ම එල්ල කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී නාලිනී හේරත් මහත්මිය පවසා සිටියේ අධි සාන්ද්‍රන ලයිසෝල් ශරීරයේ තැවරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ශරීරය 75% ක ප්‍රමාණයක් පිලිස්සී තිබෙන බවයි.