Press "Enter" to skip to content

කෝලිගේ කාමරයට රිංගු පිටස්තරයින් කවුද – කෝලි දැඩි ලෙස කෝපයට පත්වෙලා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලි මේ වන කොට නවාතැන්ගෙන සිටින සුපිරි හෝටල් කාමරයට පිරිසක් කිසිදු අවසරයකින් තොරව ඇතුළු වෙලා.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිරතව ඉන්න ඉන්දීය පිල මේ වෙන කොට රැදී ඉන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් හි Crown Towers නමැති සුපිරි හෝටලයේ.

එම හෝටලයේ කෝලි රැදී සිටි කාමරයට කිසියම් පිරිසක් ඇතුළු වී සම්පූර්ණයෙන් වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙනවා.

වාර්තා වන අන්දමට ඊයේ ඉන්දීය පිල දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට පෙර පුහුණුවීම් වලට ගොස් සිටින අවස්ථාවේ මෙම සිදුවීම වී ඇත්තේ.

කොහොම වුනත් මේ වෙන කොට විරාට් කෝලිට හොදටම කේන්ති ගිහින්.

කෝලි සිය දැඩි කෝපය සහ කණගාටුව සිය ඉන්ස්ට්ග්‍රෑම් ගිණුම හරහා මේ විදිහට එළියට දාලා තියෙනවා.

රසිකයින් ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩකයන් දැකීමෙන් මහත් සතුටට හා උද්‍යෝගිමත් වන අතර ඔවුන් හමුවීමට උද්යෝගිමත් වන බව මට වැටහෙන අතර මම එය සැමවිටම අගය කරමි.

නමුත් මෙහි මෙම වීඩියෝව බියකරු වන අතර එය මගේ පෞද්ගලිකත්වය ගැන මට මහත් ව්‍යාකූල හැඟීමක් ඇති කරනවා.

මට මගේම හෝටල් කාමරය තුළ පෞද්ගලිකත්වය තිබිය නොහැකි නම්, එතකොට මට ඇත්තටම පුද්ගලික ඉඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කොහෙන්ද ?

මම මේ ආකාරයේ උමතුවෙන් සහ පෞද්ගලිකත්වයේ නිරපේක්ෂ ආක්‍රමණයට කැමැති නෑ.

කරුණාකර මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න, ඔවුන් විනෝදාස්වාදය සඳහා භාණ්ඩයක් ලෙස නොසලකන්න.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පර්ත් කව්‍රන් හෝටලය සමාව අයද තිබෙනවා.

ඒ වගේම ගැටළුව නිවැරදි කිරීමට ක්‍රවුන් වහාම පියවර ගෙන ඇත. ඊට සම්බන්ධ පුද්ගලයින් ක්‍රවුන් ගිණුමෙන් ඉවත් කර ඇති අතර මුල් වීඩියෝව සමාජ මාධ්‍ය වේදිකාවෙන් ඉක්මනින් ඉවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ICC ද නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, පෞද්ගලිකත්වය දැඩි ලෙස ආක්‍රමණය කිරීම නිසා ඇදහිය නොහැකි තරම් කලකිරීමට පත් විය යනුවෙන්.

මෙම සිද්ධිය ගැන ඔස්ට්‍රේලියානු පිලේ ඩේවිඩ් වෝනර් ද හෙළා දැක තිබෙනවා.

මෙය විහිළුවක්, සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය.

https://youtu.be/r5p0VNDA9io

කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම නැවතිලා ඉන්න සුපිරි හෝටලය පහළින්