පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් වැඩිදෙනෙකු අන්තර්ජාලයෙන් අසැබි වීඩියෝ නැරඹීට පුරුදු වී ඇතැයි අතිඋතුම් අතිඋතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පවසන බවට බීබීසී පුවත් සේවය සදහන් කරනවා.
එමගින් පැවිදි සිත දුර්වල කරන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
උන්වහන්සේ මේ බව පවසා තිබෙන්නේ සමාජ මාධ්‍ය වඩා හොඳින් භාවිතා කිරීම පිළිබඳව වතිකානුවේ පැවති සැසිවාරයේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
උන්වහන්සේ සදහන් කරන්නේ “අසභ්‍ය දර්ශන, බොහෝ මිනිසුන්ට මෙන්ම පූජකයන් සහ කන්‍යා සොහොයුරියන් පවා ඇති නරක දෙයක්” බවය.
එමෙගින් “යක්ෂයා එතනින් ඇතුල් වෙනවා”.
සමාජ මාධ්‍ය වගේම ඩිජිටල් ලෝකය භාවිතා කළ යුතුයි, නමුත් ඒ සඳහා වැඩි කාලයක් අපතේ නොයවන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියි.
“ජේසුස් වහන්සේට දිනපතා ලැබෙන පිරිසිදු හදවතට මෙම අසභ්‍ය තොරතුරු ලබා ගත නොහැක,” උන්වහන්සේ පැවසීය.
පල්ලියේ ඉගැන්වීම් අසභ්‍ය දර්ශන දකින්නේ නිර්මලකමට එරෙහි වරදක් ලෙසයි.







