සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට රජය මීට පෙර තීරණය කර තිබුණා.
සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරෙන බව ද රජය සදහන් කරලා තිබුණා.
ඒ අනුව අද දිනයේ ද යම් ඉන්ධන මිලෙහි කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇති බවට නිලනොවන ආරංචි මාර්ග සදහන් කරනවා.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කෙරෙයි ද ?
කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ඉන්ධන මිල අඩු කිරීමට රජය කටයුතු කළා.
ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකළා.
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් විය.
අපි බලමු අද මොකක් වෙයිද කියලා….






