Press "Enter" to skip to content

අද ඉන්ධන මිල සංශෝධනයක්

සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට රජය මීට පෙර තීරණය කර තිබුණා.

සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරෙන බව ද රජය සදහන් කරලා තිබුණා.

ඒ අනුව අද දිනයේ ද යම් ඉන්ධන මිලෙහි කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇති බවට නිලනොවන ආරංචි මාර්ග සදහන් කරනවා.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කෙරෙයි ද ?

කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ඉන්ධන මිල අඩු කිරීමට රජය කටයුතු කළා.

ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකළා.

නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් විය.

අපි බලමු අද මොකක් වෙයිද කියලා….

More from GossipMore posts in Gossip »