Press "Enter" to skip to content

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ගමන නිමා වී නෑ – හැබැයි මේ දේ වෙන්න ඕනෙ

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැති තරගයෙන් නවසීලන්තය හමුවේ පරාජයට පත් වුණා.

මෙම පරාජයත් එක්ක හැමෝම කිව්වේ අපේ කණ්ඩායමට තිබ්බ අන්තිම අවස්ථාවත් ඉවරයි කියලා.

නෑ, තවමත් අවස්ථාව තියෙනවා, හැබැයි මේ විදිහට සිද්ධ වුනොත් අපිට සෙමි ෆයිනල් එහෙමත් නැත්නම් අවසන් පූර්ව වටයට යන්න පුළුවන්.

අංක 1

මේ වැඩේදි ශ්‍රී ලංකා පිල අනිවාර්යයෙන්ම එංගලන්තයට වගේම ඇෆගනිස්ථානයට ලොකු ගේමක් දීලා තරග දෙකම දිනනන් ඕනෙ.

අංක 2

අපිට වැඩිම බලපෑමක් තියෙන කණ්ඩායම තමයි ඔස්ට්‍රේලියාව.

මොකද මීළගට ඔස්ට්‍රේලියාවට ලැබෙන්නේ ඉතාමත් පහසු කණ්ඩායම් දෙකක්.

අයර්ලන්තය සමග තරගය වගේම ඇෆ්ගනිස්ථානය අතර තරගය.

මේ තරග දෙකෙන් එක් තරගයක් ඔස්ට්‍රේලියාව පරාජයට පත් වෙන්න ඕනෙ.

නැත්නම් වර්ෂාව හේතුවෙන් එක් තරගයකට බාධා එල්ල වෙලා තරගය අතහැර දාන්න ඕනෙ.

එක් තරගයක් දිනුවොත් ඔස්ට්‍රේලියාවේ ප්‍රසාද ලකුණු ගණන 5ක් වෙනවා.

එක් තරගයක් දිනලා අනිත් තරගයට වර්ෂාව නිසා අතහැරලා දාන්න සිද්ධ වුනොත් ඔස්ට්‍රේලියාවේ ප්‍රසාද ලකුණු ගණන 6ක් වෙනවා.

අංක 3

නවසීලන්තයට ඉදිරියේදී තියෙන තරග දෙකම දිනන්න ඕනෙ.

ඒ කිව්වේ එංගලන්තය වගේම අයර්ලන්තයට ගහන්න ඕනෙ.

මේ යන විදිහට නම් මොනව නැතත් ඒක නම් සිද්ද වෙයි.

ඔය තුනම සිද්ද වුනොත් මෙහෙම ප්‍රසාද ලකුණු සටහනක් ඇති වෙන්න පුළුවන්.

ඒ කියන්නේ අපේ කොල්ලෝ සෙමි යනවා.

  • දළ ලකුණු ලබාගැනීමේ වේගය ගැන නම් සදහන් කරන්න බෑ