Press "Enter" to skip to content

ශ්‍රී ලංකා නවසීලන්ත හෙට තරගයට ‌වෙන්න යනදේ – ආන්දෝලනාත්මක අනාවැකියක්

T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුනේ වැස්සත් එක්ක.

මේ වෙද්දි තරගාවලියේ තරග 4ක් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවුණා.

ඉතාමත් ආසන්නතම තරග අතහැරීම සිද්ද වුනේ අද.

ඒ ඔස්ට්‍රේලියාව සහ එංගලන්ත අතර තරගය වගේම, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර තරගයයි.

ඒ විතරක් නෙමෙයි එක් තරගයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කියලා ජය පරාජය ලබාදුන්නා.

එතකොට තරග 5යි.

මේ ඔක්කොම සිද්ධ වුනේ මේ දිනවල ඔස්ට්‍රේලියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු වගේම ලෝක කාලගුණ වාර්තා අනුව හෙට, ඒ කියන්නේ 29 වැනිදා ශ්‍රී ලංකා නවසීලන්ත තරගයත් අත්හැර දමන්නට සිදුවෙන ලකුණු පහළ වෙලා කියලයි.

ඒ, කිව්වේ මැච් එක පටන් ගන්නේ පැය එකහමාරකට කළින් සිඩ්නි වලට වැස්ස කඩා පහත් වෙන්න ළගයි.

අනේ දෙවියනේ මේ විදිහට මැච් ටික වැස්සට හේදිලා ගියාම කොහොමද කණ්ඩායම්වල දක්ෂතාවය හදුනාගන්නේ.

වැස්ස නිසාම කබ්බ කණ්ඩායම් ප්‍රසාද ලකුණු 1 ගානේ අරගෙන ඉහළටම එනවා.

දක්ෂතාවය පහළම යනවා.

මේවා පෙන්නේ දැනෙන්නේ ක්‍රිකට්වලට ආදරය කරන අපිට විතරද ?