රට පුරා වාහන මංකොල්ලකෑම් සහ සොරාකම් කිරීම් සීඝ්රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.
2021 වසරේදී වාහන 1405ක් සොරකම් කර ඇති බවත් 2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා වාහන 1406ක් සොරකම් කර ඇති බවත් දත්ත අනුව හෙළිවී ඇත.
| 2021 | 2022 | |
| බස් | 09 | 12 |
| වෑන් | 06 | 25 |
| ලොරි | 10 | 16 |
| කාර් | 34 | 14 |
| ත්‍රීරෝද රථ | 353 | 311 |
| යතුරුපැදි | 975 | 1116 |
| වෙනත් | 18 | 12 |
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ වාහනහිමියන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි පැහැරගැනීම් සිදුවන බවය.






