Press "Enter" to skip to content

පිඹුරාගේ කුසේ සිටි කත ගැන ගම්මු දැන සිටියේ නැත

දර සොයා වනයට ගිය 54 හැවිරිදි කාන්තාවක් දින දෙකක කාලයක් අතුරුදන් වීමෙන් පසු ඇය පිඹුරෙකු විසින් ගිල දමා සිටියදී සොයා ගෙන තිබෙනවා.

මෙම සිදුවීම ඉන්දුනීසියාවේ Jambi පළාතේ සිදුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

54 හැවිරිදි Jarah නමැති මෙම කාන්තාව එම පළාතේ වත්තකින් රබර් එකතු කිරීමට ගොස් තිබෙනවා.

ඇය නැවත ආපසු නොපැමිණීම නිසා ඇගේ ස්වාමිපුරුෂයා ඇතුළුව ගම්වාසින් විසින් ඇයව සොයා ඇති අතර බිරිඳගේ සෙරෙප්පු, ජැකට්, හිස් අවරණය සහ පිහිය එම රබර් කැලෑවේ තිබී සොයාගෙන තිබෙනවා.

පසුව පොලිස් කණ්ඩායමක් සමඟ එම ප්‍රදේශය ආපසු සෝදිසි කර ඇති අතර එහිදී විශාල දෙයක් අනුභව කර සිටිය අඩි 22ක් පමණ දිගින් යුතු යෝධ පිඹුරාව දැක තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යෝධ පිඹුරාව කපා විවෘත කිරීමෙන් පසු සර්පයා විසින් සම්පූර්ණයෙන්ම ගිල දමා තිබූ කාන්තාවගේ සිරුර හමු වී තිබෙනවා.

සමාජ මාධ්‍ය තුල පළවූ වීඩියෝව පහතින්

https://youtu.be/CfWQuRD9sTg
More from GossipMore posts in Gossip »