Press "Enter" to skip to content

ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයා සහ ගුරුවරියකගේ අනියම් ඇසුරක් මාට්ටු

විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව පැවසෙන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ ඊයේ (24 වැනිදා) උත්සාහ කළහ.

එම අවස්ථාවේදී පාසලේ ගුරුවරු පිරිසක් අදාළ ගුරුවරිය ආරක්ෂාකාරීව පිටත්කර හැරියහ. එම ගුරුවරිය වසර කිහිපයක් මෙම විදුහලේ සේවය කර ඇති අතර, විනය හේතුන් මත කුරුණෑගල ප්‍රදේශයේ වෙනත් පාසලකට ඇයට ස්ථාන මාරුවක් ලැබී තිබිණි.

එම පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පෙරේදා (23 වැනිදා) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අතර, අදාළ ගුරුවරිය ද එම උත්සවයට සහභාගී වීම සඳහා පැමිණ ඇත. එම අවස්ථාවේදී දෙමාපියන් පිරිසක් ඇයට කුණු බිත්තර ගසා පන්නා දැමීමට උත්සහා දරා තිබිණි.

මෙම පාසලේ විදුහල්පතිවරයා කටයුතු කරන්නේ ද එම ගුරුවරියගේ තීන්දු තීරණ මත බවට දෙමාපියෝ චෝදනා කරති.

More from GossipMore posts in Gossip »