Press "Enter" to skip to content

25 වැනිදා උඩ බලන්න එපා

ලබන 25 වන දින අර්ධ සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න මහතා පවසයි.

25 වන දින පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට එම අර්ධ සුර්යග්‍රහණය දිස්වන බව ඔහු සඳහන් කරයි.

යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළම නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක පමණ කාලයක් අර්ධ සුර්යග්‍රහණය දිස්වන නමුත් මෙරට දකුණු දිග ප්‍රදේශවලට එම සුර්යග්‍රහණය හොදින් දිස් නොවන බව මහාචාර්යය චන්දන ජයරත්න මහතා පැවසුවේය.

සුර්ය රශ්මිය ඉතා අඩු අවස්ථාවක අර්ධ සුර්ය ග්‍රහණය සිදුවීම හේතුවෙන් පියවි ඇසින් එය නැරඹීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියේය.

සුර්යග්‍රහණයක් යළි ශ්‍රී ලංකාවට දිස්වන්නේ තවත් වසර 5කින් පසුව බව මහාචාර්යය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

More from GossipMore posts in Gossip »