පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරග වදින පළවැනි තරගය හෙට පැවැත්වෙන්න සියල්ල සූදානම්.
ශ්‍රී ලංකා පිලේ සූදානම ගැන මහෙල් කිව්වේ මේ විදිහටයි.
අවාසනාවකට ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධ වලට ලක් වුණා.
අපි බලන්නේ ක්‍රීඩකයන් කොහොම හරි අපේ සැලැස්මවල් වලට ගේන්න.
පිතිකරුවන් හොද මානසිකත්වයේ ඉන්නවා.
පළවැනි තරගයේ අපේ අතින් ගොඩක් වැරදි සිද්ධි වුණා.
ඉතිං ඒ, ගැන අපි ක්‍රීඩකයන් එක්ක ගොඩක් සාකච්ඡා කළා. අපිට කොහෙද වැරදුනේ ? විශේෂයෙන් අපි කොහොම ද ඔස්ට්‍රේලියාවේ සෙල්ලම් කරන්න ඔ්නේ කියන එක.
අපිට තිබ්බ පළවැනි අරමුණ තමයි කොලිෆිකේෂන් රවුන්ඩ් එකෙන් කොලිෆයිඩ් වෙන එක.
දැන් තියෙන්නේ අපි ඉදිරියේදී මුහුණදෙන තණතීරු එක්ක තමයි කණ්ඩායම සකසලා තිබ්බේ.
නමුත් කණ්ඩායමේ සුළු සුළු වෙනස්කම් සිදුවේවි.
අපේ ක්‍රීඩකයන් පෙන්වන දක්ෂතා අනුව සැලැස්මවල් වෙනස් වෙන්න පුළුවන්.
අපිට අවශ්‍ය වෙන්නේ තරග තුනක් ජයග්‍රහණය කරන්න.
තරග 4ක් ජයග්‍රහණය කළොත් හොද අවස්ථාවක් තියෙනවා සෙමිෆයිනල් යන්න.
ඉතිං අපේ ටාර්ගට් එක ඒකයි.