ඉන්දියාවේ දී ව්‍යාපාරිකයෙකු සමග හෝටලයක කාමරයක් තුළ අඹු සැමියන් ලෙස හැසිරී ජංගම දුරකථනයෙන් වීඩියෝ කර නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 70ක කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ දැරූ රූමත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසන්නේ.
සැකකාර කාන්තාවගේ වයස අවුරුදු තිස් දෙකක් වන අතර පැමිණිලි කරුගේ වයස අවුරුදු 52 අනෙක් සැකකරුගේ වයස අවුරුදු 45 ක් වන බවයි පොලීසිය පවසන්නේ.
පැමිණිලිකාර ව්‍යාපාරිකයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් සිටියදී ව්‍යාපාර කටයුතු සඳහා පැමිණ තිබූ සැකකාරිය හඳුනාගෙන තිබූ අතර දෙදෙනා අතර ඇති වූ මිතුරුකම අනියම් සබඳතාවක් දක්වා ගොඩනැගී
තිබෙනවා.
අනතුරුව දෙදෙනාම ඉන්දියාවේ හෝටලයක රෑ පහන් කර ඇති අතර අඹුසැමියන් ලෙස හැසිරෙන අයුරු කාන්තාව විසින් ව්‍යාපාරිකයාට හොර රහසේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
දෙදෙනාම මෙරටට පැමිණීමෙන් අනතුරුව කාන්තා විසින් ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ගෙන ඇය සමඟ සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය සිය ජංගම දුරකතනයේ සටහන් ව ඇති බවත් තමන්ට රුපියල් ලක්ෂ 70ක් නොදුන්නොත් ව්‍යාපාරිකයාගේ බිරිඳට එය පෙන්වන බවට තර්ජනය කර තිබෙනවා.
බිය වූ ව්‍යාපාරිකයා සැකකාරියගේ ගිණුමට රුපියල් ලක්ෂ දහයක් බැරකර ඇති අතර ඉතිරි ලක්ෂ 60 පසුව ලබා දෙන බව ඇයට පවසා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පැමිණීල්ල සිදු කිරීමෙන් අනතුරුව සැකකාරියට මුදල් ලබාගැනීමට කළුතරට පැමිණෙන ලෙස දන්වා අනතුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරන්නේ.






