රාජ්ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය තවත් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
පුත්තලම නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇති අතර ඉන් අනෙක් රථයේ සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
තුවාලකරුව කොළඹ ජාතික රෝහල වෙත යොමුකර ඇති බව වාර්තා විය.
අනතුරට පත් පුද්ගලයා පුත්තලම තිල්අඩිය ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියෙකු බව අප වාර්තාකරු පැවසීය.






