Press "Enter" to skip to content

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

තිළිණි ප්‍රියමාලි නමැති සැකකාර කාන්තාවක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

ඇය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

එමෙන්ම ඇය සම්බන්ධයෙන් හෙළිදරව් රැසක් ද මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

ඇය තිකෝ සමූහ ව්‍යාපාර ජාලයේ සභාපතිනිය ලෙසද කටයුතු කරනවා.

හිටපු දේශපාලඥයෙකු මෙන්ම ප්‍රවීන රංගධරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ජිවන් කුමාරතුංග මහතාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන “ජිවා” චිත්‍රපටයේ සමාරම්භ අවස්ථාවටද තිළිණි ප්‍රියමාලි පැමිණ තිබෙනවා.

ජීවා සිනමා කෘතිය තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු ශම්මික බණ්ඩාරගේ නිෂ්පාදනයක්.

එම ඡායාරූප පහතින්,

More from GossipMore posts in Gossip »