Press "Enter" to skip to content

සිංහල නළුවන්ගෙන් අයුතු යෝජනා! හැට පැනපු ජයසිරිලාගෙන් බේරුමක් නෑ!

සිංහල නළුවන් සමග රඟපෑමෙන් පසු ගෙදර යන අතරමග දී අයුතු ලිංගික යෝජනා පැමිණන බවත්, වයසට ගිය 60 පැනපු ජයසිරිලා වැනි නළුවන්ගෙන් ද බේරුමක් නැති බවත්, ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කරන්නේ, අද අප අතරින් වියෝ වූ දක්ෂ චරිතාංග නළුවෙක් වූ දර්ශන් ධර්මරාජ් පිළිබඳව තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමිනි. ජනාදරීගේ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මේ ඇය තැබූ සටහනය.

“නිර්මාණ කිහිපයක අපි එකට රඟපෑවා. ඒ හැම එකක්ම පාහේ ලිංගික ජවනිකා තිබුණා. ලිංගිකත්වයට බර චරිත තිබුණා. රඟපෑමේ දී ඔහු පුදුම සහයෝගයක් ඵල කරන නළුවෙක්. සංවේදී නළුවෙක්.

සිංහල නළුවෝ එක්ක රඟපාලා ගෙදර යන අතරමග දී අයුතු ලිංගික යෝජනා එනවා. වයසට ගිය 60 පැනපු ජයසිරිලා වගේ නළුවොන්ගේනුත් බේරෙන්න බැහැ.

දර්ශන් අද වෙනතුරු තරුණ නළුවෙක් හැටියට ගෞරවණීය ලෙස මට සැලකුවේ.

ඔහුට ඕන වුණා ඉන්දියාවේ ලයිසන් නළුවෙකු වෙලා ඉහළට යන්න. එහෙම අවස්ථා පවා ඔහුට ලැබුණා. ඒත් ඔහු අපේ ක්‍ෂේත්‍රයේ ඉන්න කැමති වුණා.

ඒ වගේම ඔහු ‘සුනාමි’ චිත්‍රපටයේ රඟපෑමට සම්මානයක් ලැබේවි කියලා දැඩි විශ්වාසයකින් හිටියා…

වයස 41 ක් කියන්නේ මැරෙන්න ඕනේ වයසක් නෙවෙයි. හැබැයි ඔහු ගංජා,අරක්කු,සිගරට් අසීමිත ලෙස බොන නළුවොන්ට පණිවුඩයක් දීලා තියෙනවා….”

source – newspedia.lk

More from GossipMore posts in Gossip »