ඉකුත් මැයි 9 වැනි දා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසල සහ ගාලු මුවදොර අසල පැවති විරෝධතාභූමිවලට ආණ්ඩුවේ ආධාරකරුවන් පහර දුන්නා. ඒ අතර පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිටින ජයාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුනා. අනතුරුව දිවයින පුරා පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලකයන් රැසකගේ නිවාස යම් යම් පිරිස් ගිනිබත් කරනු ලැබුවා.
එලෙස විනාශ වූ දේපල අතර පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අයත් පෞද්ගලික දේපල ද ඇතුළත් වුණා. විනාශ වූ ඔහුගේ පෞද්ගලික දේපල අතර පොත් දහදහසක් පමණ වූ පුස්තකාලයක් ද වූ බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරණවා.
“ඒ මගේ විතරක් පුස්තකාලයක් නෙවෙයි. මගේ බිරිඳ අධිනීතීඥවරියක්. එයාගෙයි මගෙයි මගේ දරුවන්ගෙයි පොත්. එතන පොත් දහ දාහක් විතර තිබ්බා. ඒවා අපි ජීවිත කාලෙම එකතු කරපු පොත්. ඉතින් අපි ආපහු පුස්තකාලය හදන්න පොත් එකතු කරනවා. මේ සැරේත් පොත් ගත්තා. අපේ ලොකු පොත් ප්‍රමාණයක් තිබුණා සහ අපි දැන් එකතු කරමින් පවතිනවා”යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
Published in Political