Press "Enter" to skip to content

9 හැවිරිදි දැරියව තාත්තා 55 හැවිරිදි පුද්ගලයෙකුට කසාද බඳින්න විකුණලා

තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 09 හැවිරිදි කුඩා දියණිය 55 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් අසන්නට ලැබේ.

පර්වානා මලික් නමැති මෙම දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර තිබේ.

ඇගේ පියා වන අබ්දුල් දැරිය මිලදී ගත් පුද්ගලයාගෙන් ඉල්ලා තිබෙන්නේ කිසි විටෙකත් ඇයට පහර නොදෙන ලෙසයි.

මෙම පුවත සී. එන්. එන්. රූපවාහිනිය විසින් වාර්තාකර ඇති අතර මහලූ පුද්ගලයා දැරිය රැගෙන යන අවස්ථාවේ ඇගේ පියා හඬා වැටෙන්නට විය.

ඇෆ්ගනිස්ථාන අර්බුදය නිසා එරට ආර්ථිකය බිඳ වැටී වැසියන් හිඟාකන තත්ත්වයට පත්ව ඇත.
මීට පෙර දස හැවිරිදි දැරියක් 70 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පුවතක්ද වාර්තා විය.

More from GossipMore posts in Gossip »