Press "Enter" to skip to content

චීනයේ හමුදා කුමන්ත්‍රණයක් ! ජනපති නිවාස අඩස්සියට ?

ජනාධිපති ෂී ජින්පිං එරට මහජන විමුක්ති හමුදාව (පීඑල්ඒ) විසින් නිවාස අඩස්සියේ තබා ඇති බවට වන පුවතක් සමාජ මාධ්‍ය තුල මේ වන විට හුවමාරුවෙමින් පවතිනවා.

චීනයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ජෙනිෆර් සෙන්ග් ට්විටර් හි වීඩියෝවක් හුවමාරු කිරීමේන් පසුව මෙම පුවත සංසරණය වීමට පටන් ගෙන ඇත.

ඇය විසින් තබා ඇති ට්විටර් සටහනේ සිංහල පරිවර්ථනය අනුව මෙලෙස කරුණු දක්වා ඇත.

“හමුදා වාහන සැප්තැම්බර් 22 වන දින #Beijing වෙත ගමන් කරයි. බීජිං අසල Huanlai ප්‍රාන්තයෙන් ආරම්භ වී හෙබෙයි පළාතේ Zhangjiakou නගරයෙන් අවසන් වන විට, සම්පූර්ණ පෙළපාලිය කිලෝමීටර 80 ක් තරම් දිගු වේ. මේ අතර, #CCP ජ්‍යෙෂ්ඨයින් ඔහුව PLA හි ප්‍රධානියා ලෙස ඉවත් කිරීමෙන් පසු #XiJinping අත්අඩංගුවට ගෙන ඇති බවට කටකතා පැතිර යමින් තිබේ.”

කෙසේ වෙතත් මෙම පුවතට තවත් කරුණු එකතු කරමින් සමාජ මාධ්‍ය තුල සටහන්ව ඇත්තේ චීන ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමට එරට හමුදාව කුමන්ත්‍රණයක් සිදුකරමින් සිටින බවයි.

කෙසේ වෙතත් මෙම කිසිදු කරුණක් සම්බන්ධයෙන් චීනය හෝ වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් කරුණු සනාථ කිරීමක් සිදුකර නොමැත.

More from GossipMore posts in Gossip »