Press "Enter" to skip to content

අතුරුදන් පේරාදෙණි සිසුවාගේ මළසිරුර හමුවේ!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන් වූ අංජන කුලතුංග (23) සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ රැඳී තිබියදී අද (21) පස්වරුවේ සොයාගනු ලැබිණි.

පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව සිටි මෙම සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ මවුපියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මවුපියන් දින ගණනාවක් සිය පුතුට ඇමතුම් ලබාගත් අවස්ථාවේ දුරකතනයෙන් ප්‍රතිචාර නොමැති වීම නිසා ඒ පිළිබඳ නවාතැන්පොළේ හිමිකරුට දැනුම් දී තිබුණි. සිසුවා නවාතැන් ගෙන සිටි කාමරය පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හමුවූ ලිපියක් ද, කෙටි සටහනක් ද පොලීසියට බාරයේ ඇත.

යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ මවුපියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන්ගෙන් තොරතුරු වීමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු පොලිසිය සිසුවා සෙවීමට කණ්ඩායම් යොදා තිබිණි.

අදාළ නවාතැන්පොළේ මෙම සිසුවා තනිව නවාතැන්ගෙන සිට තිබෙන බවත් ඔහු අවස්ථා කිහිපයකදී මනෝ උපදේශකවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණ වී ඇත.

lankasara

More from GossipMore posts in Gossip »