ඉන්ටර්නෙට් වෙළෙඳ දැන්වීම් දමා සූම් ඔස්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදු කරන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් ඊයේ (සැප්. 19) වටලා ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනෙකු සමග ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ සහ මෙවලම් කිහිපයක් අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වූ බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා විසින් මෙම ස්ථානයේදී සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් සඳහා ලබාදෙන සේවාවන් පිළිබඳව ඉන්ටර්නෙට්හි පළ කරන වෙළෙඳ දැන්වීමේ ඉතා දීර්ඝ විස්තරයක් සිදුකර ඇති බව ත් නුගේගොඩ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලබන පාසල් සිසුන් ඉන්ටර්නෙට් ඔස්සේ මෙම වෙළෙඳ දැන්වීම් නරඹා මෙම කාන්තාවන්ගේ ඇසුර ලබා ගැනීම සඳහා පැමිණ ඇති බව ත් විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 45 සහ 43 වන වියේ පසුවන මිනුවන්ගොඩ හා මතුගම යන ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන් බව ත් ලද තොරතුරක් මත උපායදූතයෙකු යොදවා පරීක්‍ෂා කොට මෙම වැටලීම සිදුකළ බව ත් පොලිසිය පවසයි.
මේ දිනවලදී උපකාරක පන්ති හා පාසල් නොපැවැත්වීම හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ සූම් තම අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින සිසුන් ඉන්ටර්නෙට් වෙත යොමු කරනා වෙළෙඳ දැන්වීම් තුළින් රැවටීමට ලක්කොට සිසුන්ගේ දුරකතන අංකයන් ලබාගෙන ඔවුන්ට කතාකර මෙම කාන්තාවන්ගේ ඇසුර ලබා ගැනීම සඳහා මෙම ස්ථානයට කැඳවා සිසුන්ගෙන් රුපියල් 3,500 සිට 6,500 දක්වා විවිධ කාණ්ඩ යටතේ මුදල් අයකර ඇති බවත් සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 19 වන දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ඩී.එස්. ජයමහ මහතාගේ අධීක්‍ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී.කේ.ජී. හේවගේ මහතාගේ උපදෙස් මත එම ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක නුවන් වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු සිදු කරනු ලබති
.
Published in Uncategorized