Press "Enter" to skip to content

පියෙකුගේ නොසැලකිල්ලෙන් අවුරුදු 4ක දියණියට ජිවිතය අහිමි වෙයි

කුඩා දැරියක් විදුලි සැර වැදී ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. අදාළ අනතුර ඉන්දියාවේ සිදුවූවක් වන අතර එම අනතුරට ලක්වන දැරිය මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 4ක කුඩා දැරියකි.

ඇය සිය පියා සමඟ වෙළෙඳසැලක් වෙත ගොස් ඇත්තේ අයිස් ක්‍රීම් මිලදී ගැනීම සඳහාය. එම අවසථාවේ එම දැරියගේ පියා ජංගම දුරකථන ඇමතුමක් රැඳී සිටිමින් අධි ශීතකරණයේ ඇති අයිස් ක්‍රීම් මිලදී ගැනීමට සැරසී ඇත. එහිදී දැරිය එම අධිශීතකරණයේ එල්ලී සිටින අතර එක්වරම නොසිතූ ලෙස විදුලිසැර වැදී ඇයගේ හිස පසුපසට කඩා වැටේ.

අනතුරුව දැරිය බිම ඇදවැටෙන අතර එහිදී දැරියගේ පියා සහ වෙළෙඳසැල අසළ සිටි පිරිස එක්ව කඩිනමින් දැරිය රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් ඒ වනවිටත් දැරිය මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත. අදාළ සිදුවීම වෙළෙඳසැල අසල CCTV කැමරාවක පටිගතව ඇත.

එම දර්ශන පහතින්…

https://fb.watch/fxImD6yEV1/

More from GossipMore posts in Gossip »