Press "Enter" to skip to content

ආත්මාර්ථකාමී ආදරයක් ඇති අම්මා කෙනෙකුගේ කතාවක්

‍මමත් පුතාලා එක්ක හනිමුන් ට්‍රිප් එක ආවා‍ ‍ඒකිගේ පුතාව පැහැර ගත්තා වගේ’ යමන්කො ගෙදර‍ ආත්මාර්ථකාමී ආදරයක් ඇති අම්මා කෙනෙකුගේ කතාවක්!

සාමාන්‍යයෙන් අම්මලා පුතාලට වැඩිපුර ආදරෙයි කියල කතාවක් තියෙනවා’ ඒ ආදරේ පොඩි කාලයේ සිට වයසින් මුහුකුරා ගිය කලත් එය නොවෙනස්වම පවත්වාගෙන යන්නට අම්මලා අමතක කරන්නේ නැහැ’ නමුත් ඒ ආදරය පුතාට කරදරයක් වෙන්න පුළුවන්’ විශේෂයෙන් ඔහුගේ විවාහ ජීවිතය වුවද අවුල් වියවුල් වන්නට ඉඩ තිබෙනවා’ මේ එවැනි පුතෙක්ට ආදරය කරන අම්මා කෙනෙක්ගේ කතාවක්’

ඇය ෆෙස්බුක් පිටුවක තමන්ගේ කතාව පල කරලා තිබුණා’ එය ඇගේ වචනයෙන්ම මෙසේ පවසනවා නම්’

‍අද හරියටම 2022 ජනවාරි 28 වැනිදා’ මට අද හරිම සතුටු දවසක්’ මගෙ පුතා අද විවාහ වුනා’ අම්මෙක් විදිහට හරිම නිදහසක් දැනෙනවා’ එත් මට ලේලි ගැන ටිකක් ඉරිසියයි’ පුතා බැඳලා වෙනම යන්න හැදුවත් මම කැමති නෑ එයා තනියම ගිහින් දුක්විදිනවට’ ඒ නිසා එයලා දෙන්නත් අපේ ගෙදරම ඉන්න කැමති කරවගෙනමයි කසාඳේ කලේ’

පුතා කවදාවත් මම නැතුව රැයක් පිට ගෙදරින් ඉදලා නෑ’ මමත් එහෙමයි’ එයාට මම නැතුව තනියි’ ඒ හින්දා මමත් එයාලා එක්ක හනිමුන් ට්‍රිප් එක ආවා’ අපි ත්‍රිපල් රූම් එකක් ගත්තා’ අප්පච්චි නම් එන්න බෑ කිව්වා’ මටත් කිව්වා යන්න දෙන්න කියලා පාඩුවේ එයාලට’ එහෙම බැහැනේ මගෙ ළඟම හැදුන දරුවනේ’ එහෙම යවන්නේ කොහොමද’

ගෙදරදි නම් ඒ දෙන්නාට වෙනම කාමරයක් දෙනවා’ ඒත් මේ පිට තැන්වල තියන්න බෑනේ දරුවව’ කොහොම හරි අපි දැන් ඒ කාමරේ ඉන්නේ’ ලේලි නම් බුකවගෙන ඉන්නවා’ අනේ මන්දා කලින් වගේ නෑ ඒකිත්’ මොනවා වුනත් ලේලිනේ කියලා මම සාරි කටු කොන්ඩ කටු ගැලෙව්වා’

ලේලි නාන්න ගියා’ පුතා නාලා ආව නිසා පුතාට ඇඳුමක් හොයලා දෙන්න මම එයාලගේ සූට්කේස් එක ඇද්දා’ මගෙ අම්මේ මොකක්දෝ විලිසංගයක් නැති පටි පටි තියන දුහුල් රෙදි කෑලි දෙකකුයි තේ පෙරන ගොටු හදන රෙද්දෙන් හදපු දිල මේස් දෙකකුයි ඒ මදිවට පොඩි දූවිලි පිහිදන එකකුයිත් ඒ සූට් කේස් එකේ’ අම්මපා මං ආවේ නැත්තම් මේකි මේ නොදන්න තැනක කාමරයක් අස්සේ මේ විලිසංගේ නැති රෙදි කෑලි දෙක අඳින්ට වෙන්නැති හිතාන ඉන්න ඇත්තේ’

ඒ අතරේ මේකි ආවනේ නාගෙන’ මගෙ දිහායි සූට් කේස් එක දිහායි බැලු‍වේ නිකං පුච්චලා දාන ගානට’ මේකි හැපින්න වගේ පිඹ පිඹ ඉන්නේ නිකං මම ඒකිගේ පුතාව පැහැර ගත්තා වගේ’ යමන්කො ගෙදර මම හදලා ගන්න’‍

More from GossipMore posts in Gossip »