Press "Enter" to skip to content

ගාල්ලේ වෛද්‍යවරයෙකුගෙන් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක්

කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් 15 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය අගෝස්තු 8 වැනිදා කරාපිටිය රෝහලේ විකිරණ අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මෙම අපරාධය සිදුව ඇත.

උදරාබාධයක් හේතුවෙන් පසුගිය 07 වනදා දැරිය රෝහල් ගත කර තිබුණා. පසුගිය 8 වැනිදා උදරය ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා යොමුකළ අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය හෙළිවීමත් සමඟ වෛද්‍යවරයා පලාගොස් සැඟවී සිටියි. ඔහු දෙදරු පියෙකු බව පොලිසිය පවසයි.

උපුටා ගැනීම – මව්රටනිව්ස්

More from GossipMore posts in Gossip »